Monday, January 2, 2017

ඔබ උපන්නේ බදාදා (බුද) දිනක නම් මේ අය ඉතාම සැහැල්ලු  සිත් ඇති හරිම සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන පිරිසක්. ඉතාම කාරුණික වචනවලින් හැම විටෙකම කතා කරන මේ අය අනික් අයගේ සිත් ඉතාම පහසුවෙන් තමන් වෙතට ඇද ගැ‍නීමේ ශක්තිය තියෙන හරිම නිරහංකාර ගතිගුණ ඇති අය විදිහටයි හඳුනා ගැනෙන්නේ. සාහිත්‍යයට හා ලේඛන කලාවට කැමැත්තක් දක්වන මේ අය ඒවාට දක්ෂතා ද දක්වනවා. විවිධ ශාස්ත්‍ර ගැන ඉගෙන ගන්න විශාල උනන්දුවක් දක්වන මේ අය විශේෂයෙන්ම කැමති ගුප්ත ශාස්ත්‍ර වගේ දේවලට. හැම වෙලාවෙම වංචා සහගතව කටයුතු කරන බදාදා දවසෙ උපදින අයගෙ චාටු කතා බහට අනෙක් අය රැවටෙන්නෙත් ඉතාම පහසුවෙන්